වෛද්‍ය පරීක්ෂණ වාර්තා විනාඩි තිහක කාලයක් තුළදී රෝහල් වාට්ටුවට ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදෙන ලෙසට අද (03දා) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායානාගාර විද්‍යාඥයන්ගේ සංගමය සඳහන් කරයි.
මේ සඳහා අවසර ලබාදීමට කටයුතු කරන දිනයේ සිට සතියක් තුළ මෙම වැඩකටයුතු ආරම්භ කරන බවත්,එහි පළමු අදියර මීගමුව රෝහලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
වෛද්‍ය රසායානාගාරය හා රෝහල් වාට්ටු ජාලගත කිරීමේ වැඩපිළිවෙළ හරහා මෙම වැඩසටහන දියත් කරන බවද පවසා සිටියේය. දැනට පවතින ක්‍රමවේදයට අනුව වාට්ටුවෙන් ලබාදෙන ලේ හෝ මුත්‍රා සාම්පල් පරීක්ෂා කර වාර්තාව නැවත වාට්ටුවට ලබාදීමට පැය 03 කට වැඩි කාලයක් ගත වන බවද හෙතෙම සඳහන් කළේය.