වෙන්නප්පුවේ පුද්ගලයෙක් වෙඩි තබාගැනීමෙන් මියයයි
වෙන්නප්පුව, චුනවෙල් පියනම මාවතේ නිවෙසක් තුළදි ඊයේ (10දා) රාත්‍රීයේ පුද්ගලයකු හිසට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙසේ වෙඩි තබාගෙන මියගෙස් තිබෙන්නේ වෙන්නප්පුවල චුනවෙල් පියනම මාවතේ පදිංචි 48 හැවිරිදි වසන්ත පෙරේරා නැමති අවිවාහක පුද්ගලයෙකි.
ණයට මුදල් දිමේ ව්යාවපාරයක නිරතවි සිටි මියගිය අය සිය පදිංචි නිවෙසද මිට සතියකට පමණ පෙර රුපියල් ලක්ෂ හැටක මුදලකට විකුණා තිබෙන බවත් ණයට මුදල් දිමේ ගැටලුවක් හේතුවෙන් මෙසේ දිවිනසා ගන්නට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මියගිය අය නිවසේ තනියම ජිවත්වි ඇති අතර ඔහු සිය නිදි ඇදේදිම වෙඩි තබා ගෙන සිටියදි අසල්වැසි පදිංචි ඥාතියකු විසින් දැක පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබුනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
රවීන්ද්‍ර ලියනගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

