මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා ලබන මැයි මස 3 සහ 5 අතර දිනයකදී දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා වෘත්තීය සමිති 160ක් පමණ සහාය පළකර ඇති බවත් ඒ අනුව එළඹෙන මැයි මස 9දිනට පෙර රජය විසින් සාධනීය විසඳුමක් මේ සඳහා ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව එම සංගමය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.