වෛද්‍ය පීඨවල සිසුන්ට වන අසාධාරණය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සන්දේශයක් බාරදීම සඳහා පේරාදෙණිය වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද (06දා) සවස ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් හමුවූහ.
එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට වන අසාධාරණය සම්බන්ධව නාහිමියන්ට එම පිරිස කරුණු දැක්වූහ. එහිදී කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසා සිටියේ, මේ සම්බන්ධව තෛනිකායික මහනාහිමිවරුන් සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පේරාදෙණිය වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රත්නායක එම්. මුදියන්සේ මහතා,
''මේ වනවිට වෛද්‍ය පීඨ දේශන සඳහා ළමුන් 7000කට අධික පිරිසක් සහභාගි වෙන්නේ නැහැ. මේ සම්බන්ධව විසඳුමක් හෝ විසඳුමකට යන බවක් පෙනෙන්නටවත් නැහැ.
දවසින් දවස පෙනෙන්නෙ තම අයිතීන් හා නිදහස් අධ්‍යාපනයට වන විනාශය පිළිබඳව සටන් වැදිලා වීථි බැහැල ඉන්න දරුවන් වැඩි වැඩියෙන්ම අවුස්සන සුලු ඒ සිසුන්ගේ මතය ගණන් නොගෙන ඒ මතය සමච්චලයට ලක්කරන ආකාරයක්.
රජය විසින් මේ අපේ දරුවන් කියා සිතා නොබලා සංවාද සාකච්ඡාවකට ඒ සිසුන් කැඳවා නොගෙන ඒ දරුවන්ගේ හඬට ඇහුන්කන් දීමෙන් තොරව මේ ගැටලුව විසඳීමට කිසිදා නොහැකියි.'' යැයි පැවසීය.