කාලගුණ විපර්යාස පිළිබඳව කලින් දැනගැනීමට තාක්ෂණය දියුණු කළ යුතු අතර, ආපදා අවමකර ගැනීමට ව්‍යාපෘතීන් සඳහා අනාගතයේදී විශාල මුදලක් වියදම් කිරීමට සිදුවන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
එසේ වුවද රටේ අග්‍රාමාත්‍යවරයා කාලගුණ අනාවැකි විශ්වාස කරන්නේ නැතිනම් ජෝන් අමරතුංග අමාත්‍යවරයා එය විහිළුවට ලක්කර ඇත්නම්, මේ රටේ සාමාන්‍ය ජනතාව විශ්වාස කරයිද? යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, අමාත්‍යවරයා එයට මෙසේ පිළිතුරු ලබාදුනි.
එහෙම විශ්වාස කරන්න බැරිනම් මේක වසා දාන්න වෙනවා. අපට ප්‍රශ්න තිබෙනවා. තාක්ෂණය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අනිකුත් ප්‍රශ්න තිබෙනවා. යම් ආකාරයක නිවැරදි කාලගුණ ආනාවැකි පළකර තිබෙනවා. අගමැතිතුමා හෝ කවුරුහරි කියනවානම් පිළිගන්න බැහැ කියලා මේක වසාදාන එකයි තියෙන්නෙ.
ඡයාරූප - ශමීර රාජපක්ෂ