සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලෙන් ඇතුළුව රජයේ දේපළවලට සහ වාහනවලට සිදුකළ අලාභ හානි සිදු කළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සවිකර තිබූ ආවේක්ෂණ කැමරා හා අනෙකුත් සාක්ෂි උපයෝගී කරගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් ඊයේ (21දා) සරසවි සිසුන් ආරම්භ කළ විරෝධතා පාගමන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගමන් කරන ලදී.