පළාත් 05 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 101 ක පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් 277,009 කට අයත් පුද්ගලයන් 960,517 ක් පීඩාවට පත්ව සිටිති.
මෙම පිරිසෙන් පීඩාවට පත් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර, එම දිස්ත්රික්කයේ ප්රා‘දේශීය ලේකම් කොට්ඨාස 19 පවුල් 42,863 කට අයත් පුද්ගලයන් 140,063 ක් පීඩාවට පත්ව තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය තරග කළේ කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමිනි.