ආපදාවෙන් විපතට පත්වු එක් පවුලක එක් කෑම වේලක් සදහා මෙතෙක් දුන් රුපියල් 150 දීමනාව 225 දක්වා වැඩි කිරීමට අද (17) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි එකගතාවය පලවු බව ග්‍රාමිය ආර්ථික කටයුතු පිලීබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
මීට අමතරව ආපදාවන්ට ලක්වු සියලු දෙනාට සහන සැලසිම සදහා ගතයුතු සෑම පියවරක්ම ගන්නැයි ජනාධිපතිවරයා විසින් සියලු ඇමතිවරුන්ද දන්වා සිටි බවද ඇමතිවරයා කීවේය.
වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මෙම අදහස් දැක්විය