ආපදාවට පත් ප්‍රදේශයන්හි විදේශීය වෛද්‍ය කණ්ඩායම් විසින් වෛද්‍ය කඳවුරු පැවැත්වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටද අමාත්‍යාශංය තීරණය කර තිබේ.
ආපදාව හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අද (02දා) මෙම තීරණය ගෙන ඇත.
එසේම ඩෙංගු මර්දන වැඩසටහන හදිසි ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා අවශ්‍ය මදුරු මර්දන දුමායන යන්ත්‍ර ‘ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ගෙන්වීමටත් අද පැවැති රැස්වීමේදී තීරණය කර තිබේ.
මේ අතර, Dex Tran - 40 නමැති ඖෂධය අවශ්‍ය තරම් තොග රැස් කර තබාගැනීමට පියවර ගැනීමට තීරණය කොට ඇත. එම ඖෂධය සෞඛ්‍ය සංවිධානය හරහා තායිලන්තයෙන් ආනයනය කිරීමට නියමිත අතර, ඩෙංගු මදුරු මර්දනය සඳහා ස්වේච්ඡා කණ්ඩායම්වල දායකත්වය ලබාගැනීමටද නියමිතය.
හදිසි ආපදා තත්ත්වයන්ට ලක් වූ ප්‍ර‘දේශවල කුණු කසළ ඉවත් කිරීම විධිමත් කිරීම සඳහා පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගැනීමටද තීරණය කර තිබේ.
එසේම ආපදවට ලක්වූ ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇත.