නොරොච්චෝල බලාගාරයේ සහ ජල විදුලි නිෂ්පාදනය අඩුවී තිබෙන බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඉල්ලා සිටියි.
ජල විදුලිය 12%ක් දක්වා අඩුවී තිබෙන බවත්, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය නිෂ්පාදනය 34%ක් දක්වා අඩුවී තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් විදුලිය භාවිත කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.