විදුලිබල මණ්ඩල සේවකයන්ට ඇතිවී තිබෙන ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා විදුලිබල මණ්ඩල සියලුම සේවකයන් මේ මස 28 වැනිදා රාජකාරි නිවාඩු වාර්තා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
රාජකාරි නිවාඩු වාර්තා කරන සේවකයන් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා විහාරමහාදේවී උද්‍යානයේදී මහා සමුළුවක් පවත්වන බවද එම සංගමයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සදහන් කළේය.
එහිදී විදුලිබල මණ්ඩල සේවකයන් විසින් පැවැත්වීමට නියමිත අඛණ්ඩ වැඩවර්ජනයට දින තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය.