වැලිපැන්න ගලගෙදර මහා විද්‍යාලයේ සිසුන් 40කට අද (11දා) හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් මේ වනවිට දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ අනුව මෙම සිසුන්ට පාසල් කාලයේ ඇතිවූ සමෙහි ආසාත්මිකතාවක් හේතුවෙන් මෙසේ රෝහල්ගත කර තිබේ.
මෙම රෝගී තත්ත්වය ආහාර විසවීම හේතුවෙන් ඇති නොවූවක් බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය ගයාන් විජේසේකර මහතා සඳහන් කර සිටියේය.
අලුත්ගම - තුසිත කුමාර