සියලුම වයස් කාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී වයස අවුරුදු 15 සහ 19 අතර පුද්ගලයන්ගෙන් ඉහළම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 60.7% ක් වාර්තා වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ2017 වසරේ පළමු මාස 06 තුළ සිදු කළසමීක්ෂණයේ සංක්ෂිප්ත වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, එහි මෙම දත්ත ඇතුළත් වෙයි.
වයස අවුරුදු 05 හා 69අතර පුද්ගලයන්ගේ ඇස්තමේන්තු කරන ලද පරිගණක සාක්ෂරතා අනුපාතය 2017 මුල් මාස 06 තුළ 28.3% කි.
41.1% ක වැඩිම පරිගණක සාක්ෂරතාව වාර්තා වී ඇත්තේ, නාගරික අංශයේ පදිංචි පුද්ගලයන්ගෙන් වන අතර, ග්‍රාමීය හා වතු අංශවල පරිගණක සාක්ෂරතා අනුපාත පිළිවෙළින් 26.5% හා 9.5% වේ.
පුරුෂපක්ෂය තුළපරිගණක සාක්ෂරතාව 30.7% ක් වන අතර,ස්ත්රීපක්ෂය තුළ සාක්ෂරතාව 26.1%කි.
අධ්‍යාපන මට්ටම සලකා බැලීමේදී වැඩිම පරිගණක සාක්ෂරතා අනුපාතය වන 71.2% ක් අ.පො.ස. (උ.පෙළ) හා ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගෙන් වාර්තා වේ.
ඉංග්‍රීසි දැනුම ඇති අය අතර පරිගණක සාක්ෂරතාව 71.1%ක් වන තරම් ඉතා ඉහළ ප්රතිශතයක පවතින බවද සමීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වේ.
‘ඩිජිටල් සාක්ෂරතාවය’ ශ්‍රී ලංකාව සඳහා අලුතින් හඳුන්වා දුන් දර්ශකයක් වේ. වයස අවුරුදු 05 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිතකිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි.
ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර,පුරුෂපක්ෂය සහ ස්ත්රීපක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවපිළිවෙළින් 42.5% හා 35.2% ක් වේ. ඩිජිටල් සාක්ෂරතාව නාගරික අංශයේ 54.5% ක් වන අතර,ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙළින් 36.4% හා 16.4% ක් වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා තවදුරටත් පැවසුවේ සියලු දිස්ත්‍රික්ක අතරින් අන්තර්ජාලය භාවිත කරන වැඩිම ජනගහන ප්‍රතිශතය (44.6%) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්,4.9% ක අඩුම ප්‍රතිශතය බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්ය.