තාවකාලිකව නවතා දමා තිබෙන වෛද්‍ය වැඩ වර්ජනය සිදුකරන දිනය තීරණය කිරීමට මේ සතිය තුළදී විධායක කමිටු රැස්වීම් දෙකක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
පසුගිය 05දා පැවැත්වීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය ආගමික නායකයන්ගේ හා ආණ්ඩුවේ පාර්ශ්වවල ඉල්ලීමට අනුව දින 07කින් කල් දැමිනි.
මේ අනුව මෙම වැඩවර්ජනය දියත් කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා හෙට (10දා) විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
හෙට (10දා) මේ පිළිබඳ තීරණයක් ගැනීමට නොහැකි වුවහොත් මෙම 13 දා රැස්වන විධායක කමිටු රැස්වීමේදී අවසන් තීන්දුව ගැනීමට නියමිතය.