උතුරු, නැගෙනහිර අද (27දා) පැවැත්වෙන හර්තාලය සඳහා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රථ වාහන යොදාගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.
මෙසේ හර්තාල් ව්‍යාපාර සඳහා රජයේ වාහන යොදාගැනීම වාහන අවභාවිත කිරීමක් වන අතර, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම, විල්පත්තුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය අහෝසි කිරීම, ඉඩම් අයිතිය සම්බන්ධ කරුණු කිහිපයක් මුල්කර ගෙන මෙම හර්තාල ව්‍යාපාරය අද (27දා) පැවැත්වේ.