අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ තොරතුරක් මත දියතලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීමට ගන්නා කළු පැහැති මුදල් නොට්ටු ප්‍රමාණයේ කොළ 5510ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අද (30දා) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය සඳහන් කරයි.
අත්අඩගුවට පත් සැකකරුවන් 63,41,30 යන වයස්වල පසුවන හපුතලේ, නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මෙම ව්‍යාජ නෝට්ටු සැකසීමට ගන්නා කොළ අදාල සැකකරුවන්ගේ නිවෙස්වල තිබී සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙම සැකකරුවන් හෙට (01දා) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.