පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් සැකසීමට ගන්නා කළු පැහැති මුදල් නෝට්ටු කොළ 7500ක් රසායනාගාරයක් තුළින් පිරිසුදු කිරීමට වංචනික ලෙස හුවමාරු කිරීමට රැගෙන ඒමේදී මෙම ව්‍යාජ නෝට්ටු සැකසීමට ගන්නා කොළ සමග සැකකරුවන් 05ක් අද (06දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව මෙම සැකකරුවන් පැමිණි මෝටර් රථ දෙකක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් 32ත්, 52 අතර වියෙහි පසුවන ගලගෙදර, මහනුවර, පිළිමතලාව, රජවැල්ල, අමුණුගම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.