ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා ජනතා අදහස් ලබාගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් 24 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.
මෙම කමිටුවේ සභාපතිත්වය නීතිඥ ලාල් විජේනායක මහතා හොබවන අතර, එම කමිටුව විසින් සමස්ත ලංකාවම ආවරණය වන ලෙස ජනතාවගෙන් තොරතුරු ලබාගෙන වාර්තාවක් සකස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කැබිනට් අනුකමිටුට ලබාදීමට සැලසුම් කර ඇත.