වවුනියාව, සාලම්බකුලම්, පූවර්සන්කුලම් පොලිස් වසමේ ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ හක්ක පටස් බෝම්බයකට හසු වීමෙන් මියගිය වන අලියෙකුගේ සිරුරක් හමු වී ඇත.
දින ගණනකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද හක්ක පටස් බෝම්බයකට මෙම වන අලියා ගොදුරු වී ඇති බවට ප්රදේශවාසීහු කියා සිටිති.
හක්ක පටස් බෝම්බය මුඛයේ පුපුරා යාම නිසාවෙන් ආහාර ගැනීමට නොහැකිව සිටි වන අලියාට ප්රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් උත්සහ දැරුවද එම උත්සාහය අසාර්ථක වී ඇති අතර, පසුව ඉලුප්පයිකුලම් වැව් රක්ෂිතයේ මියගොස් සිටියදී එම අලියාගේ සිරුර හමු වී ඇත.