ජලයෙන් යටවූ ප්‍රදේශවල 60%කට වඩා ජලය බැසගොස් අවසන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (01දා) සහ හෙට (02දා) දිනයන් තුළ වර්ෂා තත්ත්වයක් ඇති නොවුණහොත් සියලුම ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයන් පහව යන බවත්,ආරක්ෂිත ස්ථානවල සිටින සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබාදෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ දිනවල සැලකිය යුතු මට්ටමේ වර්ෂාවන් ඇති නොවූ බවත්, මේ නිසා පිටාර මට්ටමේ තිබූ ජල මූලාශ්‍ර හා පිටාර ගැලූ ජල මූලාශ්‍ර සියල්ලම සාමාන්‍ය තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.