බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ දී තමා වෙත පවරා ගැනිමට පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තීරණය කර තිබේ. පසුගියදා පැවති බස්නාහිර පළාත්සභාවේ අයවැය ඡන්දවිමසීමේදී මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හයම පරාජය විය. ලබන වසරේදී ඊට අයත් ආයතනවල වැටුප් ගෙවීම ආදී කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමට නොහැකි වන බැවින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.