පසුගිය සෙනසුරාදා නව ස්ථානයක විවෘත කළ වරකාපොළ සතිපොළේ අැතැම් ස්ථාන බලහත්කාරයෙන් පිරිස් අල්ලාගෙන සිටි අතර එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වරකපොළ ප්රාදේශීය සභාවේ ලේකම්වරිය වන කේ.එම්.එන්. ප්රියන්ත මහත්මිය අද (03දා) කටයුතු කරනු ලැබීය.
දේශපාලන බලපෑම් මත මෙසේ සතිපොළේ පොදු ස්ථාන අනවසරයෙන් අල්ලාගෙන සිටියේය. එම අනවසර ඉදිකිරීම් ඩොසරයක් දමා ඉවත් කිරීමට ලේකම්වරිය කටයුතු කිරීමත් සමග වරකාපොළ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති කිත්සිරි විජේතුංග මහතා එයට දැඩි විරෝධය පළ කළේය.
පසුව දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර සිද්ධිය සමතයකට පත් කිරීම සඳහා දෙපාර්ශ්වය වරකාපොල පොලිසියට ගියේය. අනවසර ඉදිකිරීම් පසුපස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයෝ සිටිති.
පිරිස පොලීසියට ගිය අවස්ථාවේදී නැවතවරක් අනවසර ඉදිකිරීම් ආරම්භ කරන බවද සඳහන් වෙයි.