රටට වැඩක් නොමැති තානාපති කාර්යාල වසාදමා තම වගකීම ඉටුනොකරන තානාපතිවරුන් සියලුම දෙනා ඉවත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.
මේ සඳහා ලෝකය පුරා පිහිටි තානාපති කාර්යාල 63 පිළිබඳ විශේෂ සොයා බැලීමක් සිදුකරන බවත්, මීට අමතරව 63ක්ව පවතින තානාපති කාර්යාල ප්‍රමාණය 70ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
සිරිකොත මූලස්ථානයේදී ඊයේ (25දා)පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සැප්තැම්බර් 04 වැනිදා ලෝකය පුරා සිටින තානාපතිවරුන් ලංකාවට කැඳවා තිබෙන බවයි.
මෙලෙස පැමිණෙන සියලුම තානාපතිවරුන්ට රටේ ප්‍රතිපත්තිය හා ආර්ථික දියුණු කිරීමට ආයෝජන වැඩිකර ගන්නා ආකාරය හා අපනයන වැඩිකරගන්නා ආකාරය පිළිබඳව දෙදින වැඩමුළුවක් පවත්වන බවද කරුණානායක මහතා පවසා සිටියේය.