වකුගඩු ජාවාරම ගැන හොයන කමිටුව මෙන්න
වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 06 දෙනෙකු සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය කළ අනාවරණය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් සේවා අධ්යක්ෂ කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරාසහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් එම ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වේ.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත.
අදාළකමිටුව ඉන්දීය පොලීසිය අනාවරණය කර ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් වකුගඩු ශල්‍යකර්ම සිදුකර ඇති පෞද්ගලික රෝහල්වලට ගොස් පරීක්ෂණ ආරම්භ කර, සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
