ලන්ඩනයේ ග්රේන්ෆේල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් විපතට පත්වූවන්ට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සිය ශෝකය පළ කර සිටියි.
මෙම සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එහෙත්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා යොදවා ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.