ශී්ර ලාංකික ශ්රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති මහාචාර්ය පාර්ක් යුන්ග්-බුම් මහතා පවසයි.
සභාපතිවරයා අද (28දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්රකාශ කළේය.
ශී්ර ලාංකික ශ්රමිකයින් සඳහා දකුණු කොරියාවේ ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදාකරදී තිබෙන අතර ඒ පිළිබඳ එරට රජය වෙත සිය ස්තූතිය පිරිනැමීමට මෙහිදී ජනපතිවරයා කටයුතු කළේය.
එසේම ඉදිරියේදී කෘෂි ක්ෂේත්රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයා බලන ලෙසද සභාපතිවරයාගෙන් ජනපතිවරයා ඉල්ලා සිටියේය.
දැනට ශී්ර ලාංකික ශ්රමිකයින් 6000 ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශී්ර ලාංකිකයින් 26,000 ක් පමණ එහි සේවයේ නිරතව සිටී.