ලක්ෂ 38ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට
මෙම වසරේ ජනවාරි මසයේ සිට මැයි මස 31වන දින දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශය විසින් රුපියල් 38, 94,600 ව්‍යාජ නෝට්ටු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව පහත සඳහන් පරිදි එම මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5000 නෝට්ටු 174 - එහි වටිනාකම රුපියල් 8,70,000
රුපියල් 2000 නෝට්ටු 46 - එහි වටිනාකම රුපියල් 92,000
රුපියල් 1000 නෝට්ටු 2277 - එහි වටිනාකම රුපියල් 22,72,000
රුපියල් 500 නෝට්ටු 1320 - එහි වටිනාකම රුපියල් 6,60,000
රුපියල් 100 නෝට්ටු 06ක් - එහි වටිනාකම රුපියල් 600
මෙලෙස ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිට අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් අංශයේ 011 2 326 670 දුරකථන අංකයට තොරතුරු ලබාදෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
