ඩුබායි සිට නීති විරෝධී අයුරින් ශ්රී ලංකාවට රැගෙන ආ සිගරට් තොගයක් කටුනායක රේගුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. ඊයේ (21දා) අත්අඩංගුවට ගත් මෙම සිගරට් තොගයේ වටිනාකම ලක්ෂ 12ක් බවද රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් සිගරට් 36100ක් රාජසන්තක කර සැකකරුට රුපියල් 25000ක් දඩ පැනවීමට රේගුව කටයුතු කළේය.