මෙතෙක් විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය යටතේ පැවති අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සෘජුව සාමාන්‍යාධිකාරිවරයා යටතට පත් කිරීම සඳහා විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා ලේකම් සුරේන් බටගොඩ යන මහත්වරුන් උත්සාහ දරණ බව දූෂණ විරෝධී පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එය යහපාලන හා විගණන මුලධර්ම උල්ලංඝණය කිරීමක් බව පවසන දුෂණ විරෝධී පෙරමුණවිදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මේ දක්වා පැවතියේ සභාපති හා අධ්යක්ෂ මණ්ඩලය යටතේ බවද සඳහන් කරයි.
අමාත්‍ය සියඹලාපිටිය සහ ලේකම් සුරේන් බටගොඩ,විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේපාල මහතා ට උපදෙස් දී ඇත්තේ 2017 මැයි 2 දිනට පෙර අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සමාන්‍යාධිකාරිවරයා යටතට පත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
විගණන මුලධර්මයකට අදාළ නොවන මෙම ඉල්ලීම විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩය විසින් ප්‍රතිකේෂ කොට ඇත. එහි ප්‍රතිඑලයක් ලෙස අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කොට ඇතැයිද දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.