ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාගේ ඉල්ලා අස්විමට අදාළ ලිපිය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා භාරගත් බව අමාත්‍යංශය නිවේදනය කරයි. සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද (26දා) අමාත්‍යවරයාට භාර දී ඇත.
සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට හේතුවූ කරුණු ලෙස දක්වා ඇත්තේ ලංවිම අධ්යක්ෂ මණ්ඩලය සහ වෘත්තිය සමිති අතර පවතින ගැටලු හමුවේ එම කරුණු විසදීම සඳහා අමාත්‍යාංශය නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දි ගනු ලැබු තින්දු තිරණ ක්‍රියාත්මක කිරිමට අපොහොසත් විමයි.
අනුර විජේපාල මහතා පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදීද සිය ඉල්ලා අස්විම ප්‍රකාශ කළ තිබේ. ඉල්ලා අස්විමේ ලිපිය මඟින් දක්වා ඇති කරුණු සැළකිල්ලට ගෙන එය භාර ගැනිමට අමාත්‍යවරයා තීරණය කර ඇති බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ උපදේශක, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඩබ්.බී. ගනේගල මහතා වහාම පත්කර තිබේ.