ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නව විදුලි බලාගාර සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ලංවිම ඉදිරිපත් කළ විදුලි බලාගාර සැලැස්මට සංශෝධන ඉදිරිපත් කරන ලෙසත් සංශෝධිත දත්ත භාවිත කර නව බලාගාර සැලසුම් 12ක් සකස්කර එය ලබන මස 7 වැනිදාට පෙර කොමිසම හමුවට ඉදිරපත් කරන ලෙසත් කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත.
නව බලාගාර සැලසුම් සකස් කිරීමේදී මීට පෙර යෝජනා කළ සැලසුම සකස් කිරීම සඳහා භාවිත කළ ගල් අඟුරු මිල, ද්‍රව වායු මිල, ඉන්ධන මිල හා වෙනත් පිරිවැය සංශෝධනය කර භාවිත කිරීමට නියමිතය.
ඉදිරි වසර 20 තුළ නව විදුලිබලය සැපයීමේදී වඩා කාර්යක්ෂම හා අඩු වියදම් බලාගාර සැලැස්මක් අනුමත කිරීමේ අරමුණ ඇතිව මෙසේ නව සංශෝධන සළකා බැලීමට තීරණය කළ බවද මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි. ලබන මස 20 දා 2018-2037 නව විදුලි සැලැස්ම ප්‍රකාශයට පත්කරන බවත් මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.