ශ්‍රී ලංකා රේගුව විසින් රජයකට අයකර දුන් වැඩිම බදු මුදල පසුගිය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසරේදී ලබාදීමට හැකියාව ලැබුණු බවත්, එම වසරේදී රජයට රුපියල් බිලියන
714 ක මුදලක් උපයා දී තිබෙන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
වසර ආරම්භයේදී රේගුවට ලබා දී තිබූ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 679ක් වූ බවත්, එම මුදල පසුගිය වසරේ නොවැම්බර් මාසය වනවිට සැපිරීමට හැකි වූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ වසර තුළදී ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 853ක ඉලක්කයක් ලබාදී තිබෙන බවත්, එම ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි පළමුවැනි දින සිට නව ක්රමෝපායන් කිහිපයක් රේගුව තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ යටතේ රේගු ආදායම මඟහැර භාණ්ඩ අපනයනය, ආනයනය කිරීම වැළැක්වීමට හා හොර බඩු ජාවාරමට තිත තැබීමට කටයුතු කරන බවද පවසා සිටියේය.