රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකකරන එම සරසවියේ සිසුවෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය සඳහන් කරයි.
එම සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පිඨයේ සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
ඡායාරූප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට පහරදීමේ සිදුවීමට මෙම සිසුවා සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව අත්අඩංගුවට පත් සිසුවා අද (04දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පවසයි.
මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.