විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ දී අද (10දා) අලුයම රේගුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 29 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු අද අලුයම 2.10ට පමණ කුවේටයේ සිට පැමිණි කුවේට් ගුවන් සේවයේ කේ. යූ. -361 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු රැගෙන ආ භාණ්ඩ අඩංගු ගමන් මලුවල මෙම දුම්වැටි තොගය සඟවා ගෙන තිබී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
මෙම දුම්වැටි විදේශයේ නිෂ්පාදිත "ටොප් මවුන්ට් " වර්ගයේ වන අතර ,එහි දුම්වැටි කාටූන් 125ක් තිබූ බවත්, ඒවායේ වටිනාකම රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක් බවත් රේගුව සඳහන් කරයි.
මෙම වැටලීම සඳහා සහකාර රේගු අධිකාරීවරුන් වන පී.ඒ.ගුණසේකර , ජී.රෙන්ගරාජ්, එම්.එම්.පී.ගුණතිලක , සහ ජී.පී.රාජරත්න ක්‍රිශාන්ත යන මහත්වරුන් සහභාගි වූ අතර, මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ මිහිර ප්‍රියන්ත මහතා පවත්වා තිබේ .
එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙන අතර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.