ශ්රී ලාංකිකයන්ගේ රුපියල් බිලියන 50.06 ක් (ස්විස් ෆ්රෑන්ක් මිලියන 307) ස්විස් බැංකු තුළ තැන්පත් කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබේ. 2016 වසර අවසන් වන විට මෙම මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව ස්විස් බැංකු තුළ මුදල් තැන්පත් කරන රටවල් අතර 151 වැනි ස්ථානය ශ්රී ලංකාවට හිමිව තිබේ.
කෙසේ වෙතත් මෙම ගිණුම් හිමියන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ. දත්ත සටහනට ඇනුව ඉන්දියාව 88 වැනි ස්ථානයේ පසුවෙන අතර ස්විස් ෆ්රෑන්ක් මිලියන 676ක් ඉන්දීය ජාතිකයන් ස්විස් බැංකු තුළ තැන්පත් කර ඇත.
ස්විස් බැංකු තුළ වැඩි වශයෙන් මුදල් තැන්පත් කර ඇත්තේ එංගලන්ත ජාතිකයන් වන අතර දෙවැනි ස්ථානයට ඇමෙරිකාවට හිමිව තිබේ.
ඔවුන්ට අමතරව පළමු රටවල් 10 ඇතුළත බටහිර ඉන්දීය කොදෙව්, ප්රංශය, බහමාස්, ජර්මනිය, හොංකොං හා ලක්ෂම්බර්ග් වැනි රටවල් සිටියි.