නඩු විභාගයක් සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාරයේ සිට රැගෙන ආ රැඳවියෙක් අධිකරණයේ වහලය මත නැගී අද (28දා) උපවාසයක් ආරම්භ කර තිබේ.
සිරකරු අධිකරණය තුළ ඇති සිරමැදිරිය තුළ රඳවා සිටියදී වහලයේ සිවිලිම කඩාගෙන බලහත්කාරයෙන් නැගීමට උත්සාහ කරද්දී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූවද ඉන් ඔහුට හානියක් සිදුව නොමැති බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු වහලය උඩ නැගී උපවාසය ආරම්භ කරමින් පවසා සිටියේ, තමන්ට ඇති නඩු කඩිනමින් විභාග කරන ලෙසත් විවිධ බන්ධනාගාරවල නොව එක් බන්ධනාගාරයක රඳවන ලෙසත් බන්ධාගාර කොමසාරිස්වරයා පැමිණ පොරොන්දුවක් දෙනතුරු උපවාසය අත් නොහරින බවත්ය.
මෙම සිද්ධියත් සමගින් එදින අධිකරණ කටයුතු තාවකාලිකව නවතා තිබේ.
දහවල් 12 පමණ වනවිට මධ්‍යම පළාත් මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පැමිණ ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසු උපවාසය අත්හැරී බව පොලීසිය කියයි.