රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකක ප්‍රමිතිය සයිටම් ආයතනයට වඩා පහළ මට්ටමක තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතු බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ප්‍රමිතිය ගැන කතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට අයිතියක් නොමැති බවත්, ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාල සයිටම් ආයතනයේ ප්‍රමිතියට වඩා ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවද එම සංගමයේ සාමාජික වෛද්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
මේ නිසා ඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පා මේ වන විට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බවත්, මෙම ක්‍රියාමාර්ගයට අනුව ප්‍රකාශය නිවැරදි නොකළහොත් ආචාර්යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පවසා සිටියේය.
නැගෙනහිර හා රජරට වෛද්‍ය පීඨ සයිටම් ආයතනයේ ප්‍රමිතියට වඩා අඩු බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද සඳහන් කළේය.