රාජගිරිය ප්රදේශයේ කෝට්ටේ පාරට මුහුණලා ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයක අද (02දා) අලුයම ගින්නක් ඇති වී තිබේ. මේ වනවිට එම ගින්න නිවා දැමීමට කොළඹ නගර සභා ගිනි නිවන ඒකකය කටයුතු කර ඇත.
ගින්නෙන් වෙළෙඳ සංකීර්ණයට දැඩි අලාභානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.