පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් සිදුකළ විරෝධතාවයේදී වෙඩි තබා විරෝධතාකරුවන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින යුධ හමුදා සාමාජිකයන් සිවුදෙනා ලබන මස 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ ප්රධාන මහේස්ත්රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා අද (28දා) නියෝග කළේය.
මෙම සිදුවීමට සම්බන්ධ හිස් පතුරම් කිහිපයක රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ගෙන්වා ගැනීමටද කටයුතු කරන ලෙසද මහේස්ත්රාත්වරයා මෙහිදී නියෝග කර සිටියේය.