රත්නපුරේ ස්ථාන 210ක නායයෑමේ අවදානමක්
රත්නපුර දිස්ත්රික්කයේ නායයෑමේ අවදානම් සහිත ස්ථාන 210ක් හඳුනා ගෙන ඇතැයි නායයෑම් ආපදා පර්යේෂණ රත්නපුර දිස්ත්රික් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව නායයෑමේ අවදානම් ඇති බවට වාර්තා වූ ස්ථාන 576ක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව ඊයේ (06දා) වනවිට මෙම ස්ථාන හඳුනා ගැනීමට හැකිවූ බවද එම කාර්යාලය පවසයි.
මේ අනුව රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 17න්, 12ක මෙම නායයෑමේ අවදානම් සහිත ස්ථාන 210 පිහිටා තිබෙන බවද එම කාර්යාලය සඳහන් කරයි.
මේ අතරින් වැඩිම නායයෑමේ අවදානම් සහිත ස්ථාන සහිත ප්රදේශය ලෙස පැල්මඩුල්ල හඳුනාගත හැකි අතර, එහි ඉතා අවදානම් සහිත ස්ථාන ගණන 58ක් හඳුනා ගෙන තිබේ.
මීට අමතරව නිවිතිගල නායයාහැකි බවට ස්ථාන 12ක්, ඇහැලියගොඩ ප්රාදේශීය ලෙක්ම් කොට්ඨාසයෙන් ස්ථාන 25ක්, පැල්මඩුල්ලෙන් ස්ථාන ගණන 58ක්, ඇලපාත ස්ථාන ස්ථාන 12ක්, අයගමින් ස්ථාන 18ක්, කුරුවිටින් ස්ථාන 19ක්, කහවත්තෙන් ස්ථාන 04ක්, කිරිඇල්ලෙන් ස්ථාන 14ක්, කලවානෙන් ස්ථාන 14ක්, බලන්ගොඩින් ස්ථාන 07ක්, ඕපනායකින් එක් ස්ථානයක්, කොලොන්නේ ස්ථාන 13ක්, ගොඩකවෙලින් ස්ථාන 02ක්, වැලිගෙපොළින් ස්ථාන 02ක්, ඇඹිලිපිටියෙන් ස්ථාන 02ක් ආදී ලෙස අවදානම් ස්ථාන ලෙස නායයෑමේ ආපදා පර්යේෂණ රත්නපුර දිස්ත්රික් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
අජිත්ලාල් ශාන්තඋදය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
