ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරුවන් සම්බන්ධ වත්මන් රජයට එල්ල කරන චෝදනා සාවද්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. එවැනි චෝදනා වත්මන් රජයට එල්ල කිරීම තුළින් හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වන්නේ පටු දේශපාලනයක නිරත වීම බවද ඒ මහතා සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අම්පාර දිස්ත්‍රික් රණවිරු සංසද සාමාජික සාමාජිකාවන් සමග ඊයේ (04දා) දින පැවැති විශේෂ හමුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් රජය බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත තිබූ පිළිගැනීම සහ පුහුණු ඉඩප්‍රස්තා වැඩිවූ බවයි. ජාත්‍යන්තර විනිසුරුවන්ගේ තීන්දු ලබාදෙන අධිකරණ කිසිදු ආකාරයකට මෙරට ස්ථාපිත නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
“ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම් යටතේ මේ කටයුතු සියල්ල සිදුවන්නේ. නමුත් වත්මන් රජය කිසිදෙයක් නොකරන ගාණට අකාර්යක්ෂමයි කියලා නිරන්තර චෝදනා එල්ල කරනවා. ඒකාබද්ධ විපක්ෂයත් හිටපු ජනාධිපතිතුමත් මේ සිදුකරන්නේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රජය පිරිහීමකට ලක් කරන්න.
පසුගිය රජය නිර්මාණය කරපු ප්‍රශ්නත්, නොවිසඳපු රණවිරුවන්ගේ ප්‍රශ්නත් විසඳමින් සිටින්නේ වත්මන් රජය. ඒ නිසා නිසා මේ චෝදනා එල්ල කරන පාර්ශ්ව කවුද කියලා මුළුරටම දන්නවා. අපිට අවශ්‍ය ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් රට දියුණු කරන්න.” යැයි රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.