1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනතක් රජය විසින් 2017 ජූලි 10 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම ගැසට් පත්‍රය මගින් පාළාත් සභා ඡන්ද විමසීමේ නාම යෝජනා පත්‍රයට 30%ක කාන්තා නියෝජනයක් ඇතුළත් කිරීම අනිවාර්යය කිරීමට විධිවිධාන සලසා තිබේ.
පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීම පිළිබඳ කැෆේ සංවිධානය ප්‍රසාදය පළකරයි.
කෙසේ නමුත්, නැගෙනහිර, උතුරු මැද, සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රය ලබන ඔක්තෝබර් මස 02 වැනිදා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ඊයේ දින ප්‍රකාශයට පත් කරනු ලැබූ ගැසට් නිවේදනය හේතුවක් කර නොගත යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
පසුගිය සති 04 පුරා අවස්ථා ගණනාවකදී කැෆේ සංවිධානය අවධාරණය කළේ, රජය උපක්‍රමශීලී ලෙස පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීමට උත්සාහ කරන බවයි.
මෙම සංශෝධනය ඒ සඳහා වන මෙවලමක් ලෙස යොදා ගන්නේ නම්, එය ජනතාව සතු ඡන්ද අයිතිය උදුරා ගැනීමක් වනු ඇති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.