ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට (11දා) සහ අනිද්දා (12දා) මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරියෙන් බැහැරව සිටීමට තීරණය කර ඇතැයි රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති ඩබ්.එම්.ඩී.බී. උඩුගොඩ මහතා සඳහන් කරයි.
තම ඉල්ලීම් සඳහා එම දින දෙක තුළ රජය විසින් යහපත් ප්රතිචාරයක් ලබානොදුන හොත් ලබන 13 වැනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.