රංගිරි දඹුලු රාජමහා විහාරය සඟසතු දේපොළක් බැවින් කිසිදු ආකාරයකින් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලබානොදෙන බවත්, සංරක්ෂණය මුවාවෙන් ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන මුදල් ලබාගැනීමේ සිහිනයට කිසිසේත් දඹුලු මහා සංඝරත්නය ඉඩ නොදෙන බවත් රංගිරි දඹුලු රාජමහා විහාර භාරකාර දඹුලු මැද පන්සල විහාරාධිපති අඹගස්වැවේ රාහුල හිමියෝ පවසති.
අධ්‍යාපන අමාත්‍යවරයා පන්සල් අතර වැඩ සිටින මහා සංඝරත්නය අතර බේදබින්න ඇති කරමින් ආනන්තරීය පාපකර්මයක් කර ගනිමින් දඹුලු රාජමහා විහාරයේ විදේශීය සංචාරකයන්ට ලබාදෙන ප්‍ර‘වේශ පත්‍ර‘යෙන් ලැබෙන ආදායම මධ්‍යම සංස්කෘතික අරමුදල ලබාගැනීමේ නොවන සිහිනයක් දකින බවත්, එසේ කිරීමට කටයුතු කළහොත් දඹුලු සංඝයා වහන්සේලා කවුරුන්දැයි පෙන්වන බවද උන්වහන්සේ පවසා සිටියහ.
රංගිරි දඹුලු රාජමහා විහාරයේ පිළිම හා සිතුවම් සංරක්ෂණයට යැයි පවසා පැමිණි මධ්‍යම සංස්කෘතික අරමුදලේ පිරිස විසින් කාන්තාවන් යොදවා, බුදු පිළිම මත නැගී ඉතා නිගරුවන අන්දමින් සංරක්ෂණ කටයුතු සිදුකරන බවද උන්වහන්සේ පැවසූහ.
“දඹුල්ල ලෝක උරුමයක් කියකියා අමාත්‍යවරයා ඉන්නවා. මේ දඹුල්ල ලෝක උරුමයට කලින් බෞද්ධ උරුමයක්. මේ බෞද්ධ උරුමයේ අයිතිකරුවන්, භාරකරුවන් බවට පත්කරලා තියෙන්නෙ රජවරු. පොතුහැර, රතනපාල සංඝ පරපුරට තමයි දඹුල්ල විහාරය පුද්ගල සන්තක දේපොළක් හැටියට පත්කරලා තියෙන්නෙ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කිසිදු නිලධාරියෙක් දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු ගැනවත්, ප්‍ර‘වේශ පත්රගැනවත්, භාරකාර හිමියන් හැටියට මගෙන් විමසීමක් කළේ නැහැ. මට එක දිගට පැමිණිල එන්න පටන් ගත්තා ජනතාවගෙන්, විදේශිකයන්ගෙන්, කාන්තාවන්ගෙන්, පිළිම සංරක්ෂණයට කියලා පිළිම වහන්සේලා උඩ නැගලා කියලා. අපට සංස්කෘතියක් තියෙනවා. අපේ දළදා පෙරහරේ කාන්තාවො ගමන් කරන්නේ නැහැ. දඹුලු විහාර මත විශ්ණු දේවාලයේ මුළුතැන් පූජාවත් ඒ වගේමයි. එහෙව් එකේ මේක සිදුකරන නිසා මම දැනුම් දුන්නා ඒ වැඩේ කරන්න එපා, සැලසුම් ඇතිව මේවා කරන්න කියලා. ඒකට තමයි මට විරුද්ධව පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ, රාජකාරියට බාධා කළා කියලා.
අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔය පැමිණිල්ල ලැබුණු හැටි, ලියාගත්ත හැටි විධිමත් පරීක්ෂණයක් කරන්න කියලත්. පොලීසියේදී එම නිලධාරීන් කිව්වා මේ පිළිම වහන්සේලාට සංරක්ෂණ සඳහා විවිධ කෙමිකල් භාවිත කරලා තියෙනවා, වැඩ නවත්වන්න බැහැ කියලා. හැබැයි දැන් වැඩ නවතා දමලා. ඔය විදිහට මේවා විනාශ කිරීම හිතාමතා කරන එකක්ද කියලා අපට ප්‍රශ්නයක් තියෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල කාර්යාලයේ නිලධාරීන් එකවරම මාරුකරලා දැම්මා. මේ හදන්නෙඅමාත්යවරයා සීගිරිය වගේ මුදල් ලබාගෙන, එතුමාගේ ඡන්ද පදනම තියෙන කුරුණෑගල පිරිසට රැකියා උත්පාදන වැඩපිළිවෙළක්.
දැන් දඹුලු විහාරයත් අරගෙන රැකියා පුරවන සැලසුම් මේවා. එතුමා මහා සංඝරත්නයට චෝදනා කරන්නෙ ශාසනයට කැප කරපු දේවල්වලට. අපි අහනවා අමාත්‍යතුමාගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන විශාල වූ ආදායමෙන් කොපමන ප්‍රමාණයක් ඔබතුමාගේ ආසනයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රැකියා දුන්නු ජනතාවට බෙදී යනවාද කියලා. කීදෙනෙකුවඅමාත්යවුණාට පස්සේ සීගිරියට දැම්මාද කියලා රටට හෙළි කරන්න කියලා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇති සල්ලිවලින් මාසෙට වැටුප් ගෙවන්න තමන්ගේ දිස්ත්‍රික්කයේ කීදෙනෙක් පත්වීම් දීලා තියෙනවාද කියලා හරියට කියන්න.
එතකොට දක්ෂ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ඉවත් කළා. මේවා තනිකරම කුමන්ත්‍රණයක්. හැබැයි අපි නිහඬව බලා සිටියේ මොකටද එන්නෙ කියලා. අපි දඹුල්ලේ සියලු වෙහෙර විහාර, හතර පේරුවේ උපාසක උපාසිකාවෝ එක්ක මාතලා සටනට පණ දුන්නා වගේ ගොන්ගාලේගොඩ බණ්ඩාට මේ පිංබිමෙන් ඔටුනු පළඳලා රට ආගම බේරා ගන්න පෙරමුණ ගන්න ශාස්තෘත්වය දුන්නා වගේ මේ බෞද්ධ උරුමය මහා සඟසතු පුද්ගල උරුම ආරක්ෂා කරන්න දිවි පරදුවට තියලා ඉදිරියට එන බව ඔය අමාත්‍යතුමාට කියන්න කැමතියි" යැයි පවසා සිටියහ.