යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජෙනරාල් ධුරය දක්වා උසස් කිරීමට කටයුතු කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත මෙම උසස්කිරීම සිදුකර තිබේ.
අද (27දා) පෙරවරුවේදී යුද හමුදාපතිවරයා ජෙනරාල් ධුරයට උසස් කර ඇත. ත්‍රිවිධ හමුදාපතිවරුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම හමුදාපති වන්නේ ක්‍රිෂාන්ත ද සිල්වා මහතායි. ඔහු සේවා දිගුවක් මත යුද හමුදාපති ධුරයේ කටයුතු කරමින් සිටියි.
මේ අතර ජෙනරාල්වරයාට හෙට දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිටදී හමුදා උත්මාචාරයක්ද පිරිනැමීමට නියමිතය.