යුද සැමරුමක් සමග රුසියාව නවතම හමුදා බලය පෙන්වයි
දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසීන්ට එරෙහිව සෝවියට් රුසියාව ලැබූ ජයග්‍රහණයේ 71 වැනි සැමරුම එරට නවීනතම අවිආයුධ සමග මහත් හරසරින් සමරනු ලැබීය.
මොස්කව් අගනුවරදී පැවති එම දැවැන්ත හමුදා පෙළපාලියෙහි රැගෙන ගිය අවිආයුධ අතර RS-24 Yars දිගුදුර න්‍යෂ්ටික මිසයිලය සුවිශේෂී අවධානයක් දිනාගෙන තිබුණි.
ඉහළ ප්‍රහාරක බලයකින් හා නවීනතම පාලනයකින් යුතු T-14 Armata යුද ටැංකියද රුසියානු හමුදාවට එක්වූ තවත් නවතම සාමාජිකයෙක් විය.
එමෙන්ම, එරට ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා, බෝම්බ හෙළන යානා මෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රතු චතුරස්රයට ඉහළින් මෙම පෙළපාලියට සමගාමීම පියාසර කළ බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, හමුදා පෙළපාලියට එක් වූ හමුදා කණ්ඩායම් අතර එරට පාබල හමුදාවේ නවතම ජාතික ආරක්ෂක බලකායද දැකගත හැකිවිය.
රුසියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට හමුදා සාමාජිකයන් 10,000ක්, හමුදා රථ 135ක් සහ ගුවන් යානා 71ක් මෙම සමස්ත පෙළපාලිය සඳහා එක්ව තිබේ.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

