යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත්කොට තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් විග්නේෂ්වරන් මහතා මේ වනවිට කටයුතු කරමින් සිටියි.
අප්‍රේල් මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. වසර තුනක කාලයක් සඳහා විග්නේෂවරන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරනු ඇත.
