ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කිසිඳු ගිවිසුමකට අත්සන් තැබීමක් සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. මඩකලපුවේදී අද (29දා) පැවැති උත්සවයකදි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට එක්වීමට පමණක් බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් පිරිස් ගැටලුකාරී තත්ත්වයන් ඇතිකිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ගිවිසුම් අත්සන් කරන බවට අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.