ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට US සහාය
ඉන්දියාව න්‍යෂ්ටික අවි ආයුධ පැතිරීම වැළැක්වීම සඳහා වූ මිසයිල තාක්ෂණ පාලන රෙජිමයට (MTCR) සහ න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමට (NSG) එක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සතුට පළ කර තිබේ.
මිසයිල තාක්ෂණ පාලන රෙජිමය සමගම දැනටමත් රාජ්‍යයන් 35ක් පමණ සම්න්ධ වී සිටින අතර, මෙම කණ්ඩායමට එකතු වීමෙන් ඉන්දියාවේ න්‍යෂ්ටික තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වඩාත් පහසු වනු ඇති බව ඇමෙරිකාව කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වොෂිංටනයේදී ඔබාමා හමුවූ අවස්ථාවේදී පැවති සාකච්ඡාවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
එමෙන්ම මෙම නායක දෙපොළ දෙරට අතර වෙළෙඳ හා ආරක්ෂක සම්බන්ධතා තරකර ගැනීමට මෙන්ම දේශගුණික විපර්යාසවලට පිළියම් සෙවීම වෙනුවෙන් වූ ගිවිසුමකටද මෙහිදී එළැඹී තිබේ.
එමෙන්ම, ඇමෙරිකාවේ වොෂිංටන්හවුස් ඉලෙක්ට්‍රික් සමාගම ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර 6ක් ඉදිකිරීම සඳහා වූ ගිවිසුමකටද මෙහිදී අගමැති මෝදි අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

