කෑගල්ල, රංවල විද්‍යාලය ඉදිරිපිටදී ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පළාගිය මෝටර් රථයක් ලුහු බැඳ යාමට දැදිගම පොලිසිය කටයුතු කළේය.
මෝටර් රථය කෑගල්ල දෙස සිට වරකාපොළ දෙසට ගමන් කර පසුව වරාකපොල කරවනැල්ල මාර්ගයේ මැණික් කඩවර ප්‍රදේශයේ නවත්වා සැකකරුවන් එයින් පළා ගොස් ඇත.
අද (06දා) මෙම සිදුවීම සිදුව තිබේ. දැදිගම පොලීසිය පොලිස් සුනඛයන්ගේ සහාය ඇතිව සැකකරුවන් හඳුනාගැනීමේ මෙහෙයුම් සිදුකරයි.